Pages

Thursday, April 14, 2011

Adventure 10

ෂර්ලොක් හෝම්ස් | වංශවත් තනිකඩයා



මා හිතවත් ෂර්ලොක් හෝම්ස් මහතාණෙනි.
ඔබේ දක්ෂතාවය හා විශේෂ බුද්ධිය ගැන මට කරුණු කී බැක්වෝටර් සාමිවරයා ඔබ කෙරෙහි ඕනෑම දෙයක් ගැන සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි බව කීවා. ඒ නිසා මට විශේෂ චිත්ත වේදනාවක් ගෙනදුන් මගේ විවාහය සම්බන්ධ සිද්ධියක් ගැන ඕබේ උපදෙස් ලබා ගැනීමට මා අදහස් කරනවා. අද සවස හතරට මා ඔබ හමුවීමට එන නිසා ඔබේ වෙනත් වැඩ ඇත්නම් ඒවා කල්දමා මා හමුවන්න. මෙය එතරම් වැදගත් දෙයක් | මීට විශ්වාස සේන්ට් සයිමන්.

Adventure 9

ෂර්ලොක් හෝම්ස් | මර උගුල




මා කාමරයට ඇතුලු වු විට එක් තැනැත්තෙක් මේසය ළග වාඩි වී සිටියේය. ඔහු ට්වීඩ් ඇදුම් කට්ටලයක් ඇද සිටි අතර හිසේ පැළද තිබූ තොප්පියත් මගේ පොත්ගොඩ උඩ තබා තිබුණේය. එක අතක් ලේන්සුවකින් බැද තිබිණි. එහි ලේ පැල්ලම් කීපයක් විය. ඔහු අවුරුදු විසි පහක් පමණ වයස් වූ මනා පෙනුමකින් හෙබි අයෙකුමුත් ඒ අවස්ථාවේ ඉතා සුදුමැළි ව ගතත් සිතත් මහා දුබල කමකින් පෙළෙමින් උන්නේය.

Adventure 8

ෂර්ලොක් හෝම්ස් | පුදුම දොස්තර



සුබ උදෑසනක් වේවා නෝනා මහත්මිය යි ඉතා ප්‍රසන්න ලීලාවෙන් කී හෝම්ස්, මගේ නම ෂර්ලොක් හෝම්ස් මේ මගේ ඉතාම හිතවත් මිත්‍රයා. මා සමග කියන ඕනෑම දෙයක් ඔහු ඉදිරියේ කීවාට වරදක් නැහැ. මට පේනවා ඔබ සීතලෙන් වෙව්ලනවා වගේ ඔබට ශීතල යන්න කෝපි කෝප්පයක් ගෙන්වා දෙන්නම් යි කීය.

Adventure 7

ෂර්ලොක් හෝම්ස් | නිල් පුෂ්පරාගය



නත්තල් දිනට දින දෙකකට පසු හෝම්ස් හමුවී නත්තල් සුබ පැතීම සදහා ඔහුගේ නිවසට ගියෙමි. ඔහු සෝපාවේ හාන්සි වී සිටියේය. කයවමින් සිටි ප්‍රවෘත්ති පත්‍ර කීපයක්ද අකුලා දමා ළගම තිබිණ. සෝපාව අසල තබා තිබුණු පුටුවක කිලිටි වී ගිය පැරණි ඝණ තොප්පියක් එල්ලා තිබුණේය. එය පරණ වී තැනින් තැන ඉරී ගොස්ය. පුටුව උඩ ලෙන්සයක් සදහ අඩුවක්ද තිබුණේය. ඉන් පැහැදිළි වූයේ ඔහු වැදගත් පරීක්ෂණයක යෙදී සිටි බවයි.

Adventure 6

ෂර්ලොක් හෝම්ස් | විරූපී මුහුණ සහිත හිගන්නා


දොර ඇරෙනු මට ඇසිනි. හදිස්සියේ කතා කරන වචනත් තරප්පු පෙළ දිගේ නැග එන්නෙකුගේ අඩ් ශබ්දයත් ඇසුනේය. අපේ දොර අරී ගියෙන් අදුරු පැහැති ඇදුමකින් සැරසුනු කලු හිස්වැස්මක් දමාගත් කාන්තාවක් කාමරයට ඇතුලු වූවාය.

Adventure 5

ෂර්ලොක් හෝම්ස් | අභිරහස් ලියුම



එක් පරීක්ෂණයක ෂර්ලොක් හෝම්ස් මිනී මැරුම් පිළිබදව තොරතුරු සොයා ගත්තේ මෘත ශරීරයේ අතක තිබූ ඔරලෝසුව නැවත වයින් කර බලා එය පැය දෙකකට කලින් වයින් තැබූ එකක් බව දැනගත් හෝම්ස්, ඔහු ඇදට වී නිදන්නට පටන්ගෙන ඇත්තේ පැය දෙකක් ඇතුලතදී බව තේරුම් ගත්තේය. ඒ අනූව පරීක්ෂණ පැවැත්වූ ඔහුට අභිරහස සම්පූර්ණයෙන්ම අනාවරණය කරගත හැකිවිය.

Adventure 4

බොස්කෝම්බ් මිටියාවතේ අභිරහස



ඔබට දින දෙක තුනක් මා වෙනුවෙන් ගත කරන්නට හැකිද ? බටහිර එංගලන්තයෙන් මට විදුලි පණිවුඩයක් දැන් ලැබුණා. බොස්කෝම්බ් මිටියාවතේ සිදු වූ අභිරහස් මරණයක් ගැන පරීක්ෂණයකට මා සමග ඔබත් එන්නාහු නම් බොහොම සන්තෝසයි. මා පැඩින්ටන් වලින් පිටත් වෙන්නේ එකොළහටයි.